ඓතිහාසික කථා පුවත් අසුරින් බිහි වන සිනමා නිර්මාණ
ශ්‍රී ලාංකීය සිංහල සිනමාව යනු ලාංකික ජනතාවගේ එදත් අදත් නෙත් සිත් දිනා ගත් විවිධ සමාජ පෙරළියන් සිදු කළ කලා මාධ්‍යයකි.දේශීය සිංහල සිනමා කෘති විවිධ ඛාණ්ඩ යටතේ වර්ග කළ හැක්කේ ආඛ්‍යානය සඳහා පදනම් කර ගන්නා ශෛලිය අනුවය.එ් අනුව විනෝදජනක,ළමා,හාස්‍ය,වැඩිහිටියන්ට පමණයි ආදි විවිධ ශීර්ෂ ඔස්සේ සිනමා නිර්මාණ බිහි වී තිබේ.එමෙන්ම දේශීය සිනමාව තුළ අත’තයේ පටන් අද දක්වා බිහි වන චිත‍්‍රපට සඳහා පසුබිම් කර ගන්නා වස්තු බීජය සඳහා ඉතිහාසයෙන් පුවත් තෝරා ගත් අවස්ථාවන් ද තිබී ඇත.එබඳු සිනමා නිර්මාණ ඓතිහාසික කථා පුවත් පදනම් කර ගත් සිනමා කෘති වශයෙන් හඳුන්වයි.ඓතිහාසික කථා පුවත් ආශ‍්‍රයෙන් බිහිවූ සිනමා කෘති තුළ සංස්කෘතිය,ආගම,ජාතිකත්වය අන්‍යෝන්‍ය වශයෙන් බද්ධ වී ඇත.පුරාණයේ සිදු වූ සිදුවීමක් සිනමාවට නැගීමේදී අනුගමනය කරන මූලික ක‍්‍රමවේද කිහිපයක් හඳුනා ගත හැක.
1 අතත කථා පුවත එ් අයුරින්ම නිර්මාණය කිරීමට උත්සාහ කිරීම
2 අතත කථා පුවතට තමන්ගේ අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීම
3 තමන්ගේ විශ්වාසය/දැනුම අනුව එකඟ විය නොහැකි කොටස් ඉවත් කර ඒ වෙනුවෙන් තාර්කිකව අලූත් කොටස් එකතු කර ඉදිරිපත් කිරීම
එ් අනුව ඓතිහාසික කථා පුවතක් පදනම් වන්නා වූ සිනමා කෘති අවම වශයෙන් ඉහත ක‍්‍රමවේද 1ක් හෝ භාවිතයට ගනිමින් නිර්මාණකරනය සිදු කරයි.සිංහල රාජ වංශික කථා පුවත් පදනම් කර ගනිමින් සිංහල සිනමාව සඳහා නිපද වූ චිත‍්‍රපට ද මුල් කාලීනව සිනමාවට එක් වී ඇත.සිරිසඟබෝ චිත‍්‍රපටය,සීගිරි කාශ්‍යප චිත‍්‍රපටය ඊට නිදසුන් වේ.ඉන් අනතුරුව සිංහල සිනමාව තුළ සිංහල රාජ වංශික කථා වලට පරිබාහිරව ඉන්දියානු රාජ කථා ද ඇසුරු කර ගනිමින් අජාසත්ත,කුණ්ඩලකේශී, මාතලන්,අංගුලිමාල යන සිනමා කෘති බිහි විය.එසේම ජාතක කථා ඓතිහාසික මූලාශ‍්‍ර කර ගනිමින් ද සිනමා නිර්මාණ බිහි වී ඇත.වෙස්සන්තර ජාතකය ඇසුරින් වෙසතුරු සිරිත චිත‍්‍රපටය,සේරිවාණිජ ජාතක කථාව ඇසුරින් බංගලි වළලූ චිත‍්‍රපටය නිර්මාණය වී ඇත.නමුත් වාණිජමය ධාරාවෙනුත්,කලාත්මක අංශයෙනුත් එ්වා අසාර්ථක වුණි.පටාචාරා කථා වස්තුව ඇසුරින් පටාචාරා චිත‍්‍රපටය බිහි වුවද අදටත් ජනතාවගේ මතකයේ ඉතිරිව ඇත්තේ එම චිත‍්‍රපටයේ ගීත පමණි.එම චිත‍්‍රපටය ද අසාර්ථක වුණි.අජාසත්ත චිත‍්‍රපටය කලාත්මක වශයෙන් අසාර්ථක වුවද වාණිජමය වශයෙන් සාර්ථක වී ඇත.
වර්තමානය වන විට බොළඳ ජාතිකවාදි හා ආගමික සිනමා රැුල්ලක් බිහි වෙමින් පවත’.විශේෂයෙන් ”අබා” චිත‍්‍රපටය නිර්මාණය වීමත් සමඟ ඇරඹුණු ඓතිහාසික කථා පුවත් පදනම් කර ගත් සිනමා රැුල්ල තුළ සෑම ඓතිහාසික සිද්ධියක්ම සිනමා රූප කාව්‍ය ලෙසින් බිහි වී ඇත.මෙකී සිනමා රැුල්ල මගින් අපේක්ෂිත වූයේ හුදෙක් ජාතිය,ආගම ප‍්‍රබෝධමත් කිරීම පමණක් ද යන්න විමසා බැලිය යුතුය.මෙලෙස ආරම්භ වූ සිනමා රැුල්ල තුළ ජස්ටින් බෙලගම අධ්‍යක්ෂණය කල අබා චිත‍්‍රපටය, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ කුස පබා චිත‍්‍රපටය,සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කළ විජය කුවේණි චිත‍්‍රපටය,රේණුකා බාලසූරිය අධ්‍යක්ෂණය කළ සිරි පැරකුම් චිත‍්‍රපටය,සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ මහින්දාගමනය චිත‍්‍රපටය,සිරි දළ\ගමනය චිත‍්‍රපටය,අනගාරික ධර්මපාල චිත‍්‍රපටය,අජාසත්ත චිත‍්‍රපටය,ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ මහරජ දුටුගැමුණු චිත‍්‍රපටය ආදිය නිෂ්පාදනය විය.පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනා ගැනීම උදෙසා ඓතිහාසික කථා පුවත් පදනම් කර ගනිමින් නිර්මාණය වන මෙම චිත‍්‍රපට බිහිවීම තුළින් පේ‍්‍රක්ෂක ආකර්ෂණය උපරිමෙන්ම දිනා ගනී.එ් ඔස්සේ උපයන ආදායම අතිමහත් ය.එම චිත‍්‍රපට ප‍්‍රදර්ශනයෙන් අනතුරුව ඉපයූ ආදායම් පිළිබඳ වාර්තා තුළින් තහවුරු වන්නේ මහා පරිමාණ වශයෙන් ලාභ ලබා ඇති බවය.දැනට තිරගත නොවුණු ඉහතින් දැක්වූ ඉදිරි කාලයේදී ප‍්‍රදර්ශණය වීමට නියමිත මහරජ දුටුගැමුණු , අනගාරික ධර්මපාල වැනි ඓතිහාසික චිත‍්‍රපට මගින් ද එබඳු දැවැන්ත ලාභයක් අපේක්ෂිතය.දැවැන්ත මට්ටමින් බිහි වන මෙම ඓතිහාසික චිත‍්‍රපට වලින් විශාල වශයෙන් වාණිජමය පරමාර්ථ ඉටු කර ගනී.මෙම තත්වය හමුවේ තුළ සෑම ඓතිහාසික සිදුවීමක්ම ජාතිකවාදී සිනමා රැුල්ලේ අලෙවි වෙමින් පවත’. සිනමා නිර්මාණ
මගින් ආමන්ත‍්‍රණය කරනුයේ සාමාන්‍ය පොදු ජනතාවටය.එ් තුළ ළමා,තරුණ,මහලූ සෑම ජන කොට්ඨාසයක්ම අන්තර්ගතය.වාණිජමය අතින් සාර්ථක වුවද මෙම චිත‍්‍රපට කලාත්මක ධාරාවෙන් සාර්ථකද යන්න විමසා බැලිය යුතුය.මන්ද යත් මෙකී නිර්මාණ තුළින් ජන විඥ්ඥනය සඳහා යම්කිසි බලපෑමක් ඇති කළ හැකි බැවිනි.එනිසාම ඓතිහාසික කථා පුවත් පදනම් කර ගනිමින් බිහි වන සිනමා නිර්මාණ අංශ කිහිපයකින් විමසා බැලීම සෑම අතින්ම වැදගත් වනු ඇත.
ඓතිහාසික කථා පුවත් ඇසුරින් නිර්මාණය වූ සිනමා කෘති වල තේමාවන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඉතිහාසයෙන් සුවිශේෂි චරිතයක් හෝ සිදුවීමක් පදනම් කර ගෙන ඇත. එම චරිතය හෝ සිදුවීම අදාළ කර ගනිමින් අවශේෂ සිදුවීම් සම්බන්ධ කර දැක්වීම මෙම කෘති තුළ හඳුනා ගත හැක.”අබා චිත‍්‍රපටය” ශ්‍රී ලාංකීය ඉතිහාසයෙන් පණ්ඩුකාභය රජතුමාගේ අත’තය හෙළි දරව් කරන චිත‍්‍රපටයක් වශයෙන් ප‍්‍රථම වරට සිනමාවෙන් සමාජයට තිළිණ කෙරුණි.”විජය කුවේණි ” චිත‍්‍රපටය අත’තයේ විසූ යක්ෂ, නාග, දේව,රාක්ෂ යන ගෝති‍්‍රක මුතුන්මිත්තන්ගේ සංකලනයෙන් අප බිහි වූ අයුරු අපේකම,දේශීයත්වය විදහා පෑමට නිර්මාණය වූ චිත‍්‍රපටයක් වශයෙන් හඳුනාගත හැක.”කුස පබා” චිත‍්‍රපටය කුස ජාතකය ඇසුරින් ,බෞද්ධ දර්ශනය,කර්ම සංකල්පය මත පදනම් වී ප‍්‍රාග් බෞද්ධ ඉන්දියාව ඓතිහාසික යුගයක් වශයෙන් මැවීම සිදු කර ඇත.”සිරි පැරකුම්” චිත‍්‍රපටය ශ්‍රී වීර පරාක‍්‍රමබාහු රජතුමන්ගේ ළමා කාලයේ පටන් සිංහාසනාරූඪ වීම දක්වා ගැමි අසිරියෙන් චමත්කාර වී ළමා පරපුරට ආදර්ශ දීමට ,අධ්‍යයන වැදගත්කමක් ලබා දීමට බිහිවුණි.එසේම ”මහින්දාගමනය” චිත‍්‍රපටය තේමා කර ගෙන ඇත්තේ ශාසන ඉතිහාසය තුළ සුවිශේෂි වන මිහිඳු මාහිමයන් බුදු දහම හඳුන්වා දීමට සිරිලකට වැඩම කරවීම කේන්ද්‍ර කර ගත් සිදුවීම් මාලාවය.”ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත‍්‍රපටය ද සිද්ධාර්ථ කුමරුන්ගේ උපතේ පටන් බුද්ධත්වයට පත් වීම දක්වා සිද්ධිමාලාව, භාරත’ය ජන සමාජය සුවිශේෂි කර ගනිමින් බෞද්ධ ජනතාවට සමීප කර වීමට නිර්මාණය කර ඇත.පේ‍්‍රක්ෂක රුචිකත්වය හඳුනා ගනිමින් චිත්තාකර්ෂධෑය ලෙසින් මෙප ඓතිහාසික චිත‍්‍රපට නිමැවී ඇත.ඉතිහාසයේ අන්තර්ගත ආගමික,සංස්කෘතික,සමාජීය,ආර්ථික,අධ්‍යාපනික වශයෙන් වැදගත් අවස්ථා සඳහා රූප මාධ්‍ය මගින් ඌණ පූර්ණයක් ලබා දීමට නිර්මාණකරුවන් උත්සාහ ගෙන ඇත.
එම සිනමා නිර්මාණ අතරින් බහුතරයකම ඉතිහාසය පිළිබඳ කිසියම් අවිනිශ්චිත බවක් මතු කරන අවස්ථා වලින් යුක්තය.අත’ත කථාවට තම අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීමට යෑම මගින් හෝ තම දැනුම/විශ්වාස අනුව තාර්කිකව නව කොටස් එකතු කිරීම මගින් අතිශෝක්තිය,අතාත්වික බව ඉස්මතු වීම නිසා ලංකා ඉතිහාසය පිළිබඳ ගැටලූ පැන නැගී ඇත.එම තත්වය හමුවේ පේ‍්‍රක්ෂක ආකර්ෂණය උදෙසා වාණිජමය පරමාර්ථයෙන් බිහි වන ඓතිහාසික කථා පුවත් ආශ‍්‍රය කර ගන්නා සිනමා නිර්මාණ මගින් ඉතිහාසය විකෘති වීමක් සිදු වන බව පැවසිය හැක.
නිදසුන් වශයෙන් ”අබා” චිත‍්‍රපටය පාසල් ළමුන් ඉලක්ක කර ගත්ත ද කුඩා දරුවන්ට උචිත ද යන ගැටලූව උද්ගත වන අවස්ථා එහි අන්තර්ගතය.අබා කුමරුන්ගේ පියා ලෙස ඉතිහාස ගත වන්නේ දීඝගාමිධෑ ය.නමුත් දීඝගාමිධෑ චරිතයට ප‍්‍රමුඛත්වයක් දීමට වඩා චිත්තරාජගේ චරිතය ඉස්මතු කිරීම මෙහි දුර්වලකමකි.එලෙස ඉතිහාසයට සිදු කළ වෙනස හමුවේ පාසල් ළමුන්ට තමන් ඉගෙන ගන්නා ඉතිහාස විශය කරුණු අවිනිශ්චිත වේ.එසේම චිත‍්‍රපටයේ කථානායක අබාගේ චරිතය සමස්ථ චිත‍්‍රපටය තුළ ඉස්මතු වන්නේ ස්වල්ප වශයෙනි.එ් වෙනුවට ගුම්භකබූතා සහ හබරා යන චරිත ප‍්‍රබල ලෙස නිරූපණය වේ.ළමා පරපුරට නුසුදුසු දේ හබරාගේ සහ ගුම්භකබූතාගේ චරිත නිරූපණ තුළ ඇතුළත් ය.නිදසුන් ලෙස ගුම්භකබූතාගේ සරාගී හැසිරීම්,අඩ නිරුවත් අන්දමින් නිරූපණය වන නර්තන,භාවිතා කර ඇති ඇඳුම්-පැළඳුම් ,හබරා සහ ගුම්භකබූතා අතර ඇති වන දෙබස් පාසල් ළමුන්ට කිසිසේත්ම සුදුසු නැත.චිත‍්‍රපටයේ ප‍්‍රාසාංගික බව,කලාත්මක බව ඇති කිරීමට ගත් උත්සාහය තුළ සිනමාරූපී බවින් සාර්ථක වුවද ඉලක්ක කර ගත් ළමා පරපුරට එම අන්තර්ගතයන් නොගැළපෙන බව අධ්‍යක්ෂක නිසි අයුරින් වටහා ගෙන නැත.එ් ආකාරයට අබා චිත‍්‍රපටය මගින් ළමා පරපුරට හා ඉතිහාසයට සිදු කර ඇති බලපෑම සු`ථපටු නොවේ.
”විජය කුවේණි”චිත‍්‍රපටය මගින් විජය කුමරු සහ කුවේණියගේ ආදර කථාව අනුසාරයෙන් එකල තිබූ සමාජ සංස්කෘතික පැවැත්ම මහා වංශයේ සඳහන් නොවන තොරතුරුද ඇතුළත් කර නිර්මාණය කර ඇත.වසර 5000ක අත’තයකට විහිදුණු ඉතිහාසයක් පිළිබඳ කියැවෙන මහා රාවණ කථාවද ඇසුරු කර ගනිමින් අත’තයේදී විදේශීයව ස්ම්බන්ධතා පැවැත් වූ ආකාරය සාර්ථක අන්දමින් එහි නිරූපණය කර ඇත.සිංහලයා පැවත එන්නේ විජය හා කුවේණි පරපුරෙන් බවට මතයක් ඉතිහාසයේ පවත’.නමුත් චිත‍්‍රපටය තුළ එය දිගහැරෙන්නේ නවමු අයුරකිනි.ඉතිහාසයේ සඳහන් වන්නේ කුවේණිය මිනී මස් කන යක්ෂ ගෝත‍්‍රයට අයත් යක්ෂණියක් ලෙසින් ය.එ් වෙනුවට චිත‍්‍රපටයේ නිරූපිත කුවේණිය මිහිමත වෙසෙන ස්වාමි භක්තිය රකින මානුෂීය කාන්තාවක් ය.එසේම ඉතිහාසයේ සඳහන් ඉන්දියාවෙන් පිටුවහල් කරනු ලැබ ලංකාවට පැමිණි ඉතා අධර්මිෂ්ඨ විජය කුමරු වෙනුවට චිත‍්‍රපටයේ අප දකිනුයේ දුෂ්ට බවින් තොර පුද්ගලයෙක් ය.අවි-ආයුධ වලින් සන්නද්ධ වූ ජාතියක් ලෙස අර්ථ දැක්වූ සිංහලයා චිත‍්‍රපටයෙන් හමු නොවේ.මඟුලකට හෝ මළ ගෙයකට මිනිසුන් ආයුධ රැුගෙන නොගිය මානුෂීය දැහැමි ජාතියක් ලෙස විජය කුවේණි චිත‍්‍රපටයෙන් සිංහල ජාතියට නව ප‍්‍රතිරූපයක් ගොඩ නැගීමට අධ්‍යක්ෂකවරයා උත්සාහ ගෙන තිබේ.මෙම චිත‍්‍රපටයෙන් ඉතිහාසයට පවතිනවාට වඩා වෙනස් කර දැක්වීමක් සිදු වන බවට තවත් නිදසුනක් නම් විජය රජුගෙන් අනතුරුව උපතිස්ස බ‍්‍රාහ්මණයා රජ වීම නුරුස්සන අනුරුද්ධ බ‍්‍රාහ්මණයා ඇතුලූ පිරිස විජය රජුගේ සොහොයුරු වූ සුමිත‍්‍ර කුමරු ලංකාවට කැඳවා සිංහාසනාරූඪ කිරීමය.කුලය,ජාතිය ආදී අංශ වලින් වෙනස් වී බලය උදෙසා කටයුතු කරන විවිධ කණ්ඩායම් එහි නිරූපණය වේ.එ් ආකාරයට අඩු වැඩි වශයෙන් ඉතිහාසය වෙනස් කර විජය කුවේණි චිත‍්‍රපටයේද නිරූපිතය.
”කුස පබා” චිත‍්‍රපටයේ සමස්ථ කි‍්‍රයාදාමය තුළ ජාතක කථා පුවත එලෙසම අඩංගු නැත.අතාර්කික,අභව්‍ය වූ සිද්ධි ජාතක කථාවේ ඇතත් සිනමා කෘතිය තුළ එම අවස්ථා බැහැර කර ඇත.ඓතිහාසික කථා පුවත් මුල් කර ගනිමින් සිනමාකරණයේ දී නිර්මාණාත්මක බව එක් තැන් කිරීම කුස පබා චිත‍්‍රපටයෙන් කදිම ලෙස හඳුනා ගත හැකිය.එ් තුළ අපූර්වතම බවක් නිර්මාණයට ලබා දී ඇත.සක් දෙවිඳුගේ චරිතය ජාතක කථාවේ ඇතත් චිත‍්‍රපටයෙහි සක් දෙවිඳු පොතේ ගුරු පාත‍්‍රය සිහි ගන්වයි.සදාකල් නූතනත්වයට පත් වෙමින් පවතින කථා පන්තියක් ඇති ජාතක පොතෙහි අන්තර්ගත මිනිස් පුරුදු , ලක්ෂණ සියල්ලම වත්මන් ජන සමාජයට මැනවින් ගැළපේ.එවැනි කථා තේමාවක් කලාත්මක ලෙසත්,අපූර්වතම ලෙසත් ඉදිරිපත් කිරීම තුළ කුස පබා චිත‍්‍රපටය වාණිජමය ධාරාවෙන් ද සාර්ථක නිර්මාණයක් වී ඇත.ජනපි‍්‍රය සිනමාවේ ලක්ෂණයක් ලෙස සමස්ථ චිත‍්‍රපටයේ කි‍්‍රයා විකාශනය සංගීතය,නැටුම්,ගීත සහිතව ප‍්‍රාසාංගික බවින් අනූනව ගලා ගෙන යාම හඳුනා ගත හැකිය.අබා,කුස පබා ප‍්‍රමුඛ ඓතිහාසික සිනමාපට බහුතරයම එම ලක්ෂණය දරයි.එමගින් පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් සිනමාව කර්මාන්තයක් ලෙස රැුක ගැනීමේ කායදැයට මෙම චිත‍්‍රපට සමත් වී ඇත.කුස පබා චිත‍්‍රපටයේ සංගීතය භාවිතය ඉතා සුවිශේෂීය.විවිධ සංගීත සම්ප‍්‍රදායන්,දෙස් විදෙස් නර්තන කලාවන් සමඟ මුසු කර පේ‍්‍රක්ෂක රස,භාව කු`ථ ගැන් වෙන ලෙසින් අවස්ථානෝචිත ලෙස සුසංයෝග කිරීම කුස පබා චිත‍්‍රපටයේ විශිෂ්ඨත්වයයි.දැවැන්ත නිෂ්පාදනයක් වන කුස පබා චිත‍්‍රපටයේ සාර්ථකත්වය සඳහා සහභාගී වන රංගන ශිල්පීන් හා වෙනත් ශිල්පීන්ගේ ප‍්‍රමාණය,එකිනෙකා පරයා ඉස්මතු වන න`ථ නිළියන්ගේ රංගන කෞෂල්‍යය,රංග වස්ත‍්‍රාභරණ,රංග භාණ්ඩ වල විචිත‍්‍රත්වය ඉවහල් වී ඇත.දැවැන්ත පසුතල නිර්මාණද සාර්ථක අන්දමින් නිර්මාණයට යොදා ගෙන ඇත.මෙලෙස චිත‍්‍රපටයට වඩාත් සිනමාරූපී බවක් ලබා දීම පැසසිය යුත්තකි
ගඟ දිගේ,සලංහන්තේ,රෝම පුරාණය,මහා සිංහලේ වංශකථාව,මහා සංචාරය ආදී වැඩසටහන් ඉදිරිපත් කරමින් මව්බිම තුළ තමන්ගේ උරුමය සොයා යන ගමනේ දිගුවක් ලෙස ජැක්සන් ඇන්තනිගේ මූලිකත්වයෙන් බිහි වූ අබා චිත‍්‍රපටය හඳුනා ගත හැකිය.එම පසුබිම නිසාම ”අබා” චිත‍්‍රපටය දැවැන්ත නිෂ්පාදනයක් ලෙසින් හඳුනා ගත හැකි විය.සෙසු චිත‍්‍රපට වලට වඩා ඓතිහසික කථා පුවත් පදනම් කර ගනිමින් බිහි කරන සිනමා කෘති සඳහා පු`ථල් ප‍්‍රචාරණයක් සිදු වේ.විශේෂයෙන් රාජ්‍ය අනුග‍්‍රහය ලබා දීමෙන්, රජය මැදිහත් වීම වීම මගින් ජාතිකවාදී සිනමා රැුල්ල වර්ධනය වන ස්වභාවයක් ඇත.මුල් කාලීනව නිර්මාණය වූ ”සංදේශය” වැනි චිත‍්‍රපට සඳහා අධ්‍යක්ෂක පමණක් මුදල් යෙදවූව ද අද වන විට ඓතිහාසික කථා පුවත් පදනම් වූ චිත‍්‍රපට සඳහා දේශපාලනික සම්බන්ධතා,මැදිහත් වීම් මගින් රාජ්‍ය මට්ටමෙන් මූල්‍යමය ප‍්‍රතිපාදන වෙන් කර දීම සිදු වේ.ජන මාධ්‍ය
මගින් සිදු කරන ප‍්‍රචාරණ කටයුතු නිසා පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර උපරිමෙන්ම ලබා ගනී.එම කි‍්‍රයාදාමය තුළ අබා චිත‍්‍රපටය අති සාර්ථක විය.විශේෂයෙන් 80 දශකයේ දේශපාලන වෙනස් වීම්,භීෂණ හමුවේ සිනමා කර්මාන්තයේ නැති වී ගිය සැලසුම යළි ඇති කිරීමට අබා චිත‍්‍රපටය පදනම සපයා ඇත.අබා චිත‍්‍රපටය තුළ නව තාක්ෂණික ක‍්‍රමවේද භාවිතයට ගැනීම හඳුනා ගත හැකිය.ලෝක සිනමා තාක්ෂණයේ ආභාසය ලබමින් අබා චිත‍්‍රපටය පිළිබඳ මුහුරත් උළෙලටත් පෙර අඅඅග්ඉ්ගකන වශයෙන් වෙබ් අඩවියක් ද මුදා හරිමින් පු`ථල් ප‍්‍රචාරණයක් ලංකාවේ ප‍්‍රථම වරට සිදු කළේ අබා චිත‍්‍රපටයෙනි.එපමණක්ද නොව ”ස්ටේඞ් කෑම්ප් කැමරාවක්” මුල් වරට භාවිතා කරමින් අලූත් කැමරා තාක්ෂණයක් අප රටේ සිනමාවට හඳුන්වා දුන්නේද අබා චිත‍්‍රපටයෙනි.රුපියල් මිලියන 22ක දැවැන්ත ආදායමක් ලබමින් අබා චිත‍්‍රපටය මගින් නිද්‍රාශීලීව ,පාඩු ලබමින් සිටි ලාංකීය සිනමාව කර්මාන්තයක් ලෙස නඟා සිටුවන ලදි.මෙලෙස පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර,තාක්ෂණය භාවිතය,ප‍්‍රචාරණය,වාණිජමය ලාභ උපරිමයෙන් හිමි කර ගත්තද එහි දුර්වලතා නැතුවාම නොවේ.නිදසුන් ලෙස හිස ගසා දැමීමේ අවස්ථාව,රජ වාසල උත්සව අවස්ථාව,ගීතමය ජවනිකා ඉතාමත් අභව්‍ය ලෙස නිර්මාණය කර තිබීම හඳුනා ගත හැකිය.සමහර න`ථ නිළියන් අධිරංගනයන් ඉදිරිපත් කිරීමද දුර්වලතාවයකි.දීර්ඝ කාල පරාසයක කි‍්‍රයා විකාශනය සිදු වන ඓතිහාසික කථා පුවත සිනමාකරණයේදී සමහර චරිත නිරූපිත කාලය සමඟ බද්ධ නොවන ස්වභාවයක් ද ඇත.භාෂාව යොදා ගන්නා ආකාරයද සමහර අවස්ථා සඳහා නොගැළපෙන බවක් දරයි.
එසේම ”ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත‍්‍රපටය බෞද්ධ ඓතිහාසික වශයෙන් වැදගත් අවස්ථා කේන්ද්‍ර කර ගනිමින් කළ නිර්මාණයක් වුවද එය උපරිම ලාභ බලාපොරොත්තුවෙන් අවම වියදමකින් සිදු කරන ලද නරඹන්නන් නිද්‍රාශීලී කර වන ඉතා නීරස චිත‍්‍රපටයකි.කිසිඳු රස භාව පූර්ණ අවස්ථාවක් සිනමාඋක්තිය යොදා ගනිමින් එහි නිර්මාණය වී නැත.අගය කළ හැකි එකම ජවනිකාව සිද්ධාර්ථ කුමරු අභිනිෂ්ක‍්‍රමණයට සූදානම් වී මැදියම් රැුයේ භායදැාව වූ යශෝධරා කුමරිය හා පුත් රුවන වූ රාහුල කුමරුගේ සයනයට පැමිණ ඔවුන් ස්පර්ෂ කර රහසේම නික්ම යන අවස්ථාවේදී යශෝධරාගේ නෙතින් කඳුලක් නික්ම යන සංවේදී අවස්ථාවය.එ් හැර සමස්ථ චිත‍්‍රපටයම බණ දෙසුමක් වැනිය.බණ අසන්නේ තේරුම් ගැනීමට නොව පින් සිදු වන නිසාය.එමෙන් කුසීතව නැරඹූ චිත‍්‍රපටය කිසිවෙකු විවේචනය නොකරන්නට ඇත්තේ ද බුදු දහමට අපහාස වේ යැයි සිතා විය යුතුය.විචිත‍්‍ර නාට්‍යමය දර්ශන තිබිය යුතු කපිල වස්තුපුරයට චිත‍්‍රපටයෙන් කිසිඳු නිර්මාණශීලී බවක් නොදක්වයි.මේ සියල්ලටම වඩා දුර්වලතාවය වන්නේ සිද්ධාර්ථ කුමරු වැනි තියුණු බුද්ධියකින් යුත් පුද්ගලෙකුට සිදු කර තිබෙන අගෞරවයයි.බුදුරජාණන් වහන්සේ වැනි සකී‍්‍රය, සමාජ විපයදැාසයක් සිදු කළ තැනැත්තෙකු පිරිපුන් යොවුන් වියේදීම සෝමාරිකාරයකු ලෙස චිත‍්‍රපටයේ චරිත නිරූපණය කර තිබීම බුද්ධ චරිතයට කළ දරුණුම අවමානයකි.මෙවැනි බොළඳ වූත්,වාණිජ පරමාර්ථ මූලික කර ගත්තා වූත් ජාතිකවාදී හා ආගමික සිනමා රැුල්ල හමුවේ පේ‍්‍රක්ෂකයාගේ රසඥතාවය පහතට ඇද වැටේ.
එ් හැරුණු විට”සිරි පැරකුම්” චිත‍්‍රපටය ළමුන් ඉලක්ක කර ගනිමින් කළ සාර්ථක සිනමා කෘතියකි. එසේ වුවද යම් යම් අංශයන්ගෙන් දුර්වලතා හඳුනා ගත හැකිය. චරිත නිරූපණය කරන්නන් සඳහා යොදා ගෙන ඇති හඬ කැවීම් වල අනුචිත බවක් ප‍්‍රධාන වශයෙන් මතු වේ.පැහැදිලිව හඳුනා ගත හැකි ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ අනන්‍ය හඬ සහ හඬෙහි හැසිරවීම් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහා යොදා ගැනීමෙන් ප‍්‍රබල වෙනසක් ඉස්මතු වේ.එය රස වින්දනයට බාධාවක් හෙයින් සිනමා උක්තිය ගිලිහී යන අවස්ථා සිරි පැරකුම් චිත‍්‍රපටයේ ද නැතුවාම නොවේ.”මහින්දාගමනය ” චිත‍්‍රපටය තුළ ද මිහිඳු මාහිමියන්ගේ චරිතය සඳහා කිසිඳු න`ථවෙක් යොදා ගෙන නැත.යම් හේතුවක් මත එ් සඳහා ග‍්‍රැෆික් තාක්ෂණය මගින් චරිත නිරූපණය කර ඇත.පසුබිම් කථනය හා බණ දේශනා ප‍්‍රසිද්ධ ස්වාමින් වහන්සේ නමක් සිදු කර තිබේ.එහි න`ථ වරණය සාර්ථක නැති බැවින් සාර්ථක චරිත නිරූපණ අත් විඳිය නොහැකිය.මහින්දාගමනය චිත‍්‍රපටය දෙස අවධානය යොමු කළ විට එය සිදු කර ඇත්තේ ආගමික ප‍්‍රබෝධය උදෙසා නොව ලාභ ලැබීමේ පරමාර්ථයෙන් බව පැහැදිලිය.2600 වන සම්බුද්ධත්ව ජයන්තිය යෙදෙන වෙසක් මාසයේදී බෞද්ධාගමිකයන්ගේ අවධානය ඉලක්ක කරමින් චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය ඇරඹීමෙන්ම එය තහවුරු වේ.මහින්දාගමනයෙන් නොනැවත’ සනත් අබේසේකරයන් ”සිරි දළ\ගමනය” චිත‍්‍රපටය ද අධ්‍යක්ෂණය කර දැන් තිර ගත වෙමින් තිබේ.ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සිරිලකට වැඩම කිරීම පිළිබඳ ඓතිහාසික වෘත්තාන්තය වන්දනීය සිනමා කාව්‍යයක් ලෙස
නිර්මාණය කර ඇත.අපේක්ෂිත අයුරින් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර හෝ සහභාගීත්වයක් එම චිත‍්‍රපටයට ලැබී නැත.එයින් පැහැදිලි වන්නේ බුදු දහම ප‍්‍රබෝධමත් කිරීමේ අරමුණිනෙන් ආගමික විෂය තේමාවෙන් සිනමාකරණය හැම කලටම අනුචිත බවය.මන්ද යත් පේ‍්‍රක්ෂකය එ්වායින් ලබන රසවින්දනයත්,සංතුෂ්ටියත් අවම ස්ථානයක පවතින බැවිනි.අද වන විට පේ‍්‍රක්ෂකයා බොළඳ වූ ,වාණිජ පරමාර්ථ රැුගත් සිනමා නිර්මාණ ප‍්‍රඥ සහගතව විමසා බලා ප‍්‍රතික්ෂේප කරන තත්වයක් ඇති වෙමින් පවත’.
දෙස, බස රැුස රැුක ගත හැක්කේ උසස් සංස්කෘතියක් ගොඩ නඟා ගැනීමෙනි.එ් සඳහා අප උසස් රුචිකත්වයක් ,රසවින්දනයක් සහිත මිනිසුන් බවට පත් විය යුතුය.ජාතිකවාදී දේශපාලනය විසින් අද වන විට ජාතිකවාදී චිත‍්‍රපටකරණය ,එ්වා නැරඹීම රට,ජාතිය වෙනුවෙන් කරන සේවාවක් ලෙස අගයමින් පවතියි.එම තත්වය හමුවේ ඉතිහාස කථා පුවත් ආශි‍්‍රත චිත‍්‍රපට වල යහපතම දකිනු මිස දුර්වලතා හෝ එ්වා මගින් සමාජයට,කලාවට ඇති කර තිබෙන අයහපත් බලපෑම් සාකච්ඡුා වන්නේ විරල වශයෙනි.ඓතිහාසික කථා පුවත් පදනම් වූ ජාතික සහ ආගමික රැුල්ලේ සිනමා කෘති වලින් මිදිය යුතු බව පේ‍්‍රක්ෂකයින් අවබෝධ කර ගත යුතු කාලය දැන් එළඹී ඇත.උසස් කලා මාධ්‍යක් වන සිනමාව කර්මාන්තයක් වශයෙන්ද රැුක ගැනීමට අවශ්‍ය නම් සිදු කළ යුත්තේ ඉතිහාසය විකෘති නොවන ලෙස,කලාත්මක බවද ,සිනමාරූපී බවද ආරක්ෂා වන අයුරින් සිනමා කෘති බිහි කිරීමය
-යූ.බී.ශෂිනි ශ්‍යාමනී.-