
උත්තර භාරතීය සංගීතයේ ශාස්තී‍්‍රය පක්‍ෂය නාට්‍යමය කෘතියකට අවශ්‍ය පරිදි හැඩ ගන්වා ගැනිමටත් දේශිය සාම්ප‍්‍රදායික ගැමි සංගීත රීතිය සම්මිශ‍්‍රණය කර ගැනිමත් මෙහිදී වැදගත් වේ. දොරකඩ අස්න ඊට කදිම නිදසුනකි. එසේම සිංහල ජන ගී සම්ප‍්‍රදායේ ආභාෂය ලැබූ බවට තවත් බොහෝ නිදසුන් මහසමයම දෘශ්‍ය කාව්‍ය තුළදී පෙන්වා දිය හැකිය. ඒ අතර මහසොහොන් සමයමේ ඇත් බන්දනයෙහි ඇතා සොයන්නට ගිය යකැදුරන්ට හමුවන ඇතාගේ ලක්‍ෂණ කාන්තාවකට ආරූඪ කිරීම කරන ආකාරයද උකුසා වන්නමේ නාද මාලාව මතුවන ආකාරයද නිර්මාණාත්මකය.
අත් දෙක බැලිමි රන් ඇත් දළ දෙකක් වැනි
බද පිට බැලිමි රඹ තොරණක රුසිරු වැනි
මෙවැනි ළදුන් යක්ලොව කොහිද මිනිසුනී
මසමයමේ මුල සිට වරින් වර මතුව ඇසෙන තේමාවක් තිබේ.එය පහතරට මහසොහොන් සමයමෙහි මහ සමයම් පද නැටීමේ දී වැයෙන පහතරට බෙර වාදනයයි.
රෙගත/ගතකු/ගු`දග/තගත
ගහිතිගතම්/දෙගත/ගු`දග/ත ගුම්
තවද මහ සමයමේ සංගීතය නව ආරකින් නිර්මාණය වී ඇත. එහි ශාන්තිකර්ම කවි, සීගිරි ගී නාද රටා ඇතුලු බොහෝ සාම්ප‍්‍රදායික නාද රටා යොදාගෙන ඇත. ත‍්‍රාසය භීතිය සෘංගාරය ආදී රසයන් ජනිත වන ලෙස සංගීතය හැසිරවීමද විශේෂත්වයකි.
එසේම මහසමයම දේශීය සංගීතය සමග පමණක් බද්ධ වූවක්ම නොවේ. බටහිර සංගීතයෙන්ද එය හැඩ වූයේ ඔපෙරාවක් බවට පත් වෙමිනි.ලෝක නාට්‍ය කලාවේ ඉහලින්ම සිටින බටහිර ඔපෙරාව මහසමයම තුළින් අප දේශීය සංස්කෘතික සංගීතය සමග මුසු විය. ඔපෙරා නාටය ලක්ෂණ පෙන්නුම් කරමින් බටහිර සංගීතයේදී යොදා ගන්නා ගායන විලාශ,කටහඬ පාලනය කිරීම්,ධ්වනි ශබ්ද මහසමයම පුරා මධුර වූ සංගීතයන් සපයයි.ඉන්දිකා උපමාලිගේ ප‍්‍රබල හඩ පෞර්ෂය මහසමයම දෘශ්‍ය කාව්‍යට එක්කර ඇත්තේ ආකරෂණීයත්වයකි.මෙම ඔපෙරා යන්න බටහිර සංස්කෘතියේ ආභාෂයක් එසේම මහාචාර්ය සරත්චද්‍රයන්ගේ ඔපෙරාවක් නොවූ සිංහබා නාටකයේ සිංහයා සිංහබා කියන්නේ ඔපෙරාවේ හඩින් නමුදු සිංහබා නාටකයට එසේ ඔපෙරා හඩ පිවිසියද මහසමයම ඔපෙරාවෙන් දේශීය ආරකට සැකසෙන්නේ බටහිර සංස්කෘතික කලාංගයන්ගේ ආභාෂයෙනි.
පේ‍්‍රමසිරි ඛේමදාස ගාන්ධර්වයාගේ අඩුව නොදනවමින් විශාරද සමන්ත පෙරේරාගේ සංගීත කණ්ඩයන් විශිෂ්ඨ වූත්,කර්ණරසායන වූත් ස්වභාවයක් ගනී නිරන්තරයෙන්ම මහ සමයමේ රංග වින්‍යාසය සමඟ බැඳුනු වාද්‍ය වෘන්දය බටහිර සංගීතයේ සංධ්වනි / සිම්ෆනි ශෛලිය ගනී.එම සමුහ වාදනයෙන් (ඔකෙස්ට්‍රාවෙන්) වැයෙන නානාවිධ සංගීත ඛණ්ඩ නාට්‍ය රස භාව මූර්තිමත් කරයි.
-ශෂිනි ශ්‍යාමනී-
No comments:
Post a Comment