university

Saturday, July 4, 2015

යමුනා මාලිනියගේ කවි ඇස


යමුනා මාලිනී පෙරේරා නිර්මාණාත්මක සන්නිවේදනයක් සිදු කිරීම සඳහා පෙරටුගාමී වී සමාජය මෙහෙය වන කලාකරුවන් නිර්මාණකරුවන් කුලකයේ එක් අවයවයකි.යමුනා මාලිනිය යනු කුලකයක් නම් ඇගේ කාව්‍ය නිර්මාණ යනු ඇයගේ දිවි පෙවෙතේ එක් උප කුලකයකි.යමුනා මාලිනිය සමාජය හඳුනා ගන්නේ කිවිඳියක ලෙසිනි.ඇයගේ නිර්මාණ මංපෙත වෙත අවධානය යොමු කිරීමේදී ඇය කාව්‍යමය කුසලතාවය සහජයෙන්ම උරුම කර ගෙන ඉපදුණු කලාකාරිනියකි.මෙලොව සිදු වන සෑම සංසිද්ධියක් දෙසම අවධානයෙන් සේම අපූරු දෙනෙතකින් දකිමින් යමුනා මාලිනිය අනේක විධ කාව්‍ය සංග‍්‍රහ නිර්මාණය කර තිබේ.

ඇයගේ සියලූ කාව්‍ය නිර්මාණ මෙහිලා ගෙන හැර දැක්වීම දුෂ්කර බැවින් තෝරා ගත් මනරම් කවි පන්ති කිහිපයකින් ඇගේ නිර්මාණශීලිත්වයේ සුවිශේෂීතා ඉස්මතු කර දැක්විය හැක.1991 වසරේ විශිෂ්ඨ කෘතියක් ලෙසින් ඇගයීමට පාත‍්‍ර වූ ”කුලී මාලිගා” කිවි කලඹෙහි ”සුරා සොඬ සැමි වලප” අගනා කවි පෙළකි.

අයස ළඟදි මා ළඟ සිටි යසවතිය
සසිරිබර සැපත නොම දුටු සිරිමතිය
නීරස කුල බොජුන් වැළª රසවතිය
කටුක වැල් යහන සැරසූ පතිවතිය

පරමල කියා මා ගැරහූ කුසුමාවී
අඳ වූ මනෙත දිවැසින් දුටු නයනාවී
මූ දේවිය ලෙස මා දුටු සීදේවී
නුඹේ සොහොන ළඟ නෙත් ලදුයෙමි දේවී

මේ අත් දනී දුන් ගුටි බැට නිමක් නැත’
මේ මුව දනී දුන් නොසරුප් බැණුම් වැසී
අනේ ගහ බැනපු කිසිවක් සිතේ නැත’
පාලුයි මගේ පැළ අඳුරුයි පබාවත’

සුරාව මඳයට හා ප‍්‍රමාදයට හේතු වේ.සුරා සොඬ වීම හෙවත් සුරාවට ගිජු වීම විවිධ පුද්ගල හා සමාජ ව්‍යවසනයන්ට මඟ පාදයි.එයින් සිත් ,කය මෙන්ම සමාජ සංස්ථාවද අවුල් වියවුල් වේ.සුරා සොඬ සැමියන් නිසා පීඩා විඳින බිරින්ඳෑවරුන් සහ දරුවන්ගේ ඛේදවාචකය සමස්ථ සමාජයේම ආර්ථික, සමාජ, සංස්කෘතික ආදී විවිධ බිඳ වැටීම් වලට හේතුවකි. මෙකී සමාජ ප‍්‍රපංචය කෙරෙහි යමුනා මාලිනී කිවිඳිය , එ් සර්වකාලීන සමාජ ගැට`ථව නිර්මාණශීලී ලෙස කවි පන්තියෙන් ගෙන හැර දැක්වීමට කිවිඳිය සමර්ථ විය.
සැමියාගේ හිංසා පීඩා,කටුක දිවි පෙවෙත නිමා කර වෙන් වී ගිය බිරිඳගේ වියෝගය නිසා ඇති වූ අසරණභාවය,ආත්මානුකම්පාවෙන් වැළපෙන සැමියාගේ පසුතැවිලි සහගත මනෝභාවයන් අපූරු අයුරින් ඉස්මතු කිරීමට කිවිඳිය සමත් වී ඇත. කිවිඳිය එ් ආනුභුතිය වඩාත් සංවේදනීය අයුරින් ප‍්‍රතිනිර්මාණය කිරීම ,සාම්ප‍්‍රදායික  විලාප  කාව්‍යාකෘතිය යොදා ගැනීමෙන් යමුනා මාලිනියගේ වියුත්පත්ති ඥනය පිළිඹිබු වේ.බිරිඳ මිහිදන් කළ සොහොන ලඟ පියවි සිහිය ලබන සැමියාට ඇගේ ගුණ යහපත්කම් සිහිවේ.එ් සමඟම ඈ විදින ලද දුක් පසුතැවිලි විලාපයක් සේ මතු කිරීමට යමුනා  මාලිනිය යොදා ගන්නා සංකල්ප හා වාග් මාලාව භාවාත්මකය.සංවේගශීලීය.
”අභිනික්මන් කළේ ඇයි මගෙ යශෝධරා”... පද්‍ය පාදයේ ඇතුළත් අෙභෙනික්මන්,යශෝදරා වැනි යෙදුම් සිහිපත් කරන්නේ ”‘යශෝධරාවතයි” .සිදු කරන ලද වැරදි බොහෝ ඇතත් කිවිදිය කවි ඇසින් දකින ස්වාමියා පාඨකයාගේ අනුකම්පාවට සුදුසු වේ.සැමියාට ද්වේශ නොකරන බිරිදක් මින් ඉස්මතු කරයි.යශෝදරාවතින් තිව‍්‍ර වී ඇත්තේ ද එකී චින්තනයයි. මෙලෙසින් යමුනා මාලිනියගේ කවි බසේ ඇති සංයමය පිළිඹිබු වේ.

යමුනා මාලිනිය සමඟ- සම්මුඛ සාකච්ඡුාවක් ඇසුරින්-
යු.බී.ශෂිනි ශ්‍යාමනී

රුවන් ඇල්ල ගමේ ප‍්‍රධාන මාර්ගය විධිමත් ලෙස ඉදි කර දෙන්නේ කවදාද?


රුවන් ඇල්ල ග‍්‍රාම නිළධාරි වසම දකුණු පළාතේ මාතර දිස්ති‍්‍රක්කයට අයත් ගම් පියසකි.මාතර නගරයේ සිට කිලෝමීටර් 3ක් පමණ ඈතට වන්නට නිල්වලා ගෙඟ් නැගෙනහිර දෙසින් පිහිටි රුවන් ඇල්ල අත’තයේ සිට පැවත එන උස් බිම් ප‍්‍රදේශ, තැනිතලා ප‍්‍රදේශ, විශාල බෑවුම් සහිත ප‍්‍රදේශ උස් කඳු පන්ති වලින් සුන්දර වූ ගමකි.

වර්ෂ ගණනාවක් පුරා රුවන් ඇල්ල ග‍්‍රාමසේවා වසමේ ප‍්‍රජාව සමඟ පොදු ගැටලු පිළිබඳ පවත්වන සාකච්ජා වලදී සෑම අවුරුද්දකදීම දිගුකලක පටන් ජනතාව වෙතින් හෙළිදරව්වූ පොදු ගැටලු
අතරින් ප‍්‍රමුඛත්වය හිමි වූයේ රුවන් ඇල්ල මද්දුමගෙ වත්ත දක්වා ප‍්‍රධාන මාර්ගය නිසි ප‍්‍රමිතියට ඉදි නොකිරීම නිසා මුහුණ දෙන දුෂ්කරතාවය පිළිබඳවය.

තවදුරටත් දේශපාලකයන් ජනතාව නොමඟ යවමින් මාර්ගය ඉදි කිරීම ප‍්‍රමාද කරයිද? නොඑසේ නම් පොරොන්දු වූ පරිදි අබලන් වූ රුවන් ඇල්ල ප‍්‍රධාන මාර්ගය දීර්ඝ කාලයක් නඩත්තු කළ හැකි පරිදි ප‍්‍රමිති සහගත ලෙස විධිමත් අයුරින් පූර්ණ සංවර්ධනයක් සිදු කරයිද? රුවන් ඇල්ල ගම් වැසියන් බලාපොරොත්තුවෙන් දෑස් දල්වා බලා සිටියි.


-යු .බී.ශෂිනි ශ්‍යාමනී-