රුවන් ඇල්ල ග‍්‍රාම නිළධාරි වසම දකුණු පළාතේ මාතර දිස්ති‍්‍රක්කයට අයත් ගම් පියසකි.මාතර නගරයේ සිට කිලෝමීටර් 3ක් පමණ ඈතට වන්නට නිල්වලා ගෙඟ් නැගෙනහිර දෙසින් පිහිටි රුවන් ඇල්ල අත’තයේ සිට පැවත එන උස් බිම් ප‍්‍රදේශ, තැනිතලා ප‍්‍රදේශ, විශාල බෑවුම් සහිත ප‍්‍රදේශ උස් කඳු පන්ති වලින් සුන්දර වූ ගමකි.
වර්ෂ ගණනාවක් පුරා රුවන් ඇල්ල ග‍්‍රාමසේවා වසමේ ප‍්‍රජාව සමඟ පොදු ගැටලු පිළිබඳ පවත්වන සාකච්ජා වලදී සෑම අවුරුද්දකදීම දිගුකලක පටන් ජනතාව වෙතින් හෙළිදරව්වූ පොදු ගැටලු
අතරින් ප‍්‍රමුඛත්වය හිමි වූයේ රුවන් ඇල්ල මද්දුමගෙ වත්ත දක්වා ප‍්‍රධාන මාර්ගය නිසි ප‍්‍රමිතියට ඉදි නොකිරීම නිසා මුහුණ දෙන දුෂ්කරතාවය පිළිබඳවය.
තවදුරටත් දේශපාලකයන් ජනතාව නොමඟ යවමින් මාර්ගය ඉදි කිරීම ප‍්‍රමාද කරයිද? නොඑසේ නම් පොරොන්දු වූ පරිදි අබලන් වූ රුවන් ඇල්ල ප‍්‍රධාන මාර්ගය දීර්ඝ කාලයක් නඩත්තු කළ හැකි පරිදි ප‍්‍රමිති සහගත ලෙස විධිමත් අයුරින් පූර්ණ සංවර්ධනයක් සිදු කරයිද? රුවන් ඇල්ල ගම් වැසියන් බලාපොරොත්තුවෙන් දෑස් දල්වා බලා සිටියි.
-යු .බී.ශෂිනි ශ්‍යාමනී-
No comments:
Post a Comment