university

Saturday, July 4, 2015

යමුනා මාලිනියගේ කවි ඇස


යමුනා මාලිනී පෙරේරා නිර්මාණාත්මක සන්නිවේදනයක් සිදු කිරීම සඳහා පෙරටුගාමී වී සමාජය මෙහෙය වන කලාකරුවන් නිර්මාණකරුවන් කුලකයේ එක් අවයවයකි.යමුනා මාලිනිය යනු කුලකයක් නම් ඇගේ කාව්‍ය නිර්මාණ යනු ඇයගේ දිවි පෙවෙතේ එක් උප කුලකයකි.යමුනා මාලිනිය සමාජය හඳුනා ගන්නේ කිවිඳියක ලෙසිනි.ඇයගේ නිර්මාණ මංපෙත වෙත අවධානය යොමු කිරීමේදී ඇය කාව්‍යමය කුසලතාවය සහජයෙන්ම උරුම කර ගෙන ඉපදුණු කලාකාරිනියකි.මෙලොව සිදු වන සෑම සංසිද්ධියක් දෙසම අවධානයෙන් සේම අපූරු දෙනෙතකින් දකිමින් යමුනා මාලිනිය අනේක විධ කාව්‍ය සංග‍්‍රහ නිර්මාණය කර තිබේ.

ඇයගේ සියලූ කාව්‍ය නිර්මාණ මෙහිලා ගෙන හැර දැක්වීම දුෂ්කර බැවින් තෝරා ගත් මනරම් කවි පන්ති කිහිපයකින් ඇගේ නිර්මාණශීලිත්වයේ සුවිශේෂීතා ඉස්මතු කර දැක්විය හැක.1991 වසරේ විශිෂ්ඨ කෘතියක් ලෙසින් ඇගයීමට පාත‍්‍ර වූ ”කුලී මාලිගා” කිවි කලඹෙහි ”සුරා සොඬ සැමි වලප” අගනා කවි පෙළකි.

අයස ළඟදි මා ළඟ සිටි යසවතිය
සසිරිබර සැපත නොම දුටු සිරිමතිය
නීරස කුල බොජුන් වැළª රසවතිය
කටුක වැල් යහන සැරසූ පතිවතිය

පරමල කියා මා ගැරහූ කුසුමාවී
අඳ වූ මනෙත දිවැසින් දුටු නයනාවී
මූ දේවිය ලෙස මා දුටු සීදේවී
නුඹේ සොහොන ළඟ නෙත් ලදුයෙමි දේවී

මේ අත් දනී දුන් ගුටි බැට නිමක් නැත’
මේ මුව දනී දුන් නොසරුප් බැණුම් වැසී
අනේ ගහ බැනපු කිසිවක් සිතේ නැත’
පාලුයි මගේ පැළ අඳුරුයි පබාවත’

සුරාව මඳයට හා ප‍්‍රමාදයට හේතු වේ.සුරා සොඬ වීම හෙවත් සුරාවට ගිජු වීම විවිධ පුද්ගල හා සමාජ ව්‍යවසනයන්ට මඟ පාදයි.එයින් සිත් ,කය මෙන්ම සමාජ සංස්ථාවද අවුල් වියවුල් වේ.සුරා සොඬ සැමියන් නිසා පීඩා විඳින බිරින්ඳෑවරුන් සහ දරුවන්ගේ ඛේදවාචකය සමස්ථ සමාජයේම ආර්ථික, සමාජ, සංස්කෘතික ආදී විවිධ බිඳ වැටීම් වලට හේතුවකි. මෙකී සමාජ ප‍්‍රපංචය කෙරෙහි යමුනා මාලිනී කිවිඳිය , එ් සර්වකාලීන සමාජ ගැට`ථව නිර්මාණශීලී ලෙස කවි පන්තියෙන් ගෙන හැර දැක්වීමට කිවිඳිය සමර්ථ විය.
සැමියාගේ හිංසා පීඩා,කටුක දිවි පෙවෙත නිමා කර වෙන් වී ගිය බිරිඳගේ වියෝගය නිසා ඇති වූ අසරණභාවය,ආත්මානුකම්පාවෙන් වැළපෙන සැමියාගේ පසුතැවිලි සහගත මනෝභාවයන් අපූරු අයුරින් ඉස්මතු කිරීමට කිවිඳිය සමත් වී ඇත. කිවිඳිය එ් ආනුභුතිය වඩාත් සංවේදනීය අයුරින් ප‍්‍රතිනිර්මාණය කිරීම ,සාම්ප‍්‍රදායික  විලාප  කාව්‍යාකෘතිය යොදා ගැනීමෙන් යමුනා මාලිනියගේ වියුත්පත්ති ඥනය පිළිඹිබු වේ.බිරිඳ මිහිදන් කළ සොහොන ලඟ පියවි සිහිය ලබන සැමියාට ඇගේ ගුණ යහපත්කම් සිහිවේ.එ් සමඟම ඈ විදින ලද දුක් පසුතැවිලි විලාපයක් සේ මතු කිරීමට යමුනා  මාලිනිය යොදා ගන්නා සංකල්ප හා වාග් මාලාව භාවාත්මකය.සංවේගශීලීය.
”අභිනික්මන් කළේ ඇයි මගෙ යශෝධරා”... පද්‍ය පාදයේ ඇතුළත් අෙභෙනික්මන්,යශෝදරා වැනි යෙදුම් සිහිපත් කරන්නේ ”‘යශෝධරාවතයි” .සිදු කරන ලද වැරදි බොහෝ ඇතත් කිවිදිය කවි ඇසින් දකින ස්වාමියා පාඨකයාගේ අනුකම්පාවට සුදුසු වේ.සැමියාට ද්වේශ නොකරන බිරිදක් මින් ඉස්මතු කරයි.යශෝදරාවතින් තිව‍්‍ර වී ඇත්තේ ද එකී චින්තනයයි. මෙලෙසින් යමුනා මාලිනියගේ කවි බසේ ඇති සංයමය පිළිඹිබු වේ.

යමුනා මාලිනිය සමඟ- සම්මුඛ සාකච්ඡුාවක් ඇසුරින්-
යු.බී.ශෂිනි ශ්‍යාමනී

රුවන් ඇල්ල ගමේ ප‍්‍රධාන මාර්ගය විධිමත් ලෙස ඉදි කර දෙන්නේ කවදාද?


රුවන් ඇල්ල ග‍්‍රාම නිළධාරි වසම දකුණු පළාතේ මාතර දිස්ති‍්‍රක්කයට අයත් ගම් පියසකි.මාතර නගරයේ සිට කිලෝමීටර් 3ක් පමණ ඈතට වන්නට නිල්වලා ගෙඟ් නැගෙනහිර දෙසින් පිහිටි රුවන් ඇල්ල අත’තයේ සිට පැවත එන උස් බිම් ප‍්‍රදේශ, තැනිතලා ප‍්‍රදේශ, විශාල බෑවුම් සහිත ප‍්‍රදේශ උස් කඳු පන්ති වලින් සුන්දර වූ ගමකි.

වර්ෂ ගණනාවක් පුරා රුවන් ඇල්ල ග‍්‍රාමසේවා වසමේ ප‍්‍රජාව සමඟ පොදු ගැටලු පිළිබඳ පවත්වන සාකච්ජා වලදී සෑම අවුරුද්දකදීම දිගුකලක පටන් ජනතාව වෙතින් හෙළිදරව්වූ පොදු ගැටලු
අතරින් ප‍්‍රමුඛත්වය හිමි වූයේ රුවන් ඇල්ල මද්දුමගෙ වත්ත දක්වා ප‍්‍රධාන මාර්ගය නිසි ප‍්‍රමිතියට ඉදි නොකිරීම නිසා මුහුණ දෙන දුෂ්කරතාවය පිළිබඳවය.

තවදුරටත් දේශපාලකයන් ජනතාව නොමඟ යවමින් මාර්ගය ඉදි කිරීම ප‍්‍රමාද කරයිද? නොඑසේ නම් පොරොන්දු වූ පරිදි අබලන් වූ රුවන් ඇල්ල ප‍්‍රධාන මාර්ගය දීර්ඝ කාලයක් නඩත්තු කළ හැකි පරිදි ප‍්‍රමිති සහගත ලෙස විධිමත් අයුරින් පූර්ණ සංවර්ධනයක් සිදු කරයිද? රුවන් ඇල්ල ගම් වැසියන් බලාපොරොත්තුවෙන් දෑස් දල්වා බලා සිටියි.


-යු .බී.ශෂිනි ශ්‍යාමනී-

Saturday, June 27, 2015

හීන කන්දරාවක්......

kln.ac.lk


සිත් පහන් වන තුරා
යදින බෝපත් පුරා
හඬන සිත ගොළු වෙලා
ගීතයක් වී නැතත්
පද වැලක් වී ඇවිත්
බිඳුණු සිත සනසන්න
හැකිවේද සිත් අරා...

නිල් ගුවන සැරිසැරූ

පියාපත් ඉරිතලා
එක්ටැම්ව හදමඩල
සිනා මල සොයන සඳ
බිඳ වැටුණු පියාපත්
යලිත් පණ ගන්වන්න
හැකිවේද සිත් පුරා...

ගං දෑල සැරිසැරූ
වනමලිය පරවෙලා
ගං දියම ඉකිලමින්
දිව යනෙන මග පුරා
ගං  දෑල සරසන්න
මල් රොනක් වත් වෙන්න
හැකි වේද දිවි තුරා....

                                                                      -ශෂිනි ශ්‍යාමනී-

නුඹ නුඹේ දුර

kln.ac.lk

සිය දහස් වරක් නොව
දස දහස් වරක් ඔබ....

සිහි වුණා මට
හඬ හඬා නෙත....

නුඹ හැදු සිත 
යලි බිදී ඇත....
එත් සකි සඳ 
නුඹ නුඹේ දුර....

-ශෂිනි ශ්‍යාමනී-


පෙර අපර සංගීතයෙන් සුසැඳි මහසමය දෘශ්‍ය කාව්‍යය

kln.ac.lk
මහසොහෙන් සමයමට පාදක වන සංගීතය නොයෙක් සංස්කෘතියෙන් ලැබු ආභාෂය මනාව පෙන්නුම් කරයි. මේ සා සාර්ථක ලෙස නාට්‍යමය සංගීතය යෙදාගත් අවස්ථාවක් මෑත කාලයෙහි ලංකාවේ සිදු නොවූ බවද සදහන් කල යුතුය. 

උත්තර භාරතීය සංගීතයේ ශාස්තී‍්‍රය පක්‍ෂය නාට්‍යමය කෘතියකට අවශ්‍ය පරිදි හැඩ ගන්වා ගැනිමටත් දේශිය සාම්ප‍්‍රදායික ගැමි සංගීත රීතිය සම්මිශ‍්‍රණය කර ගැනිමත් මෙහිදී වැදගත් වේ. දොරකඩ අස්න ඊට කදිම නිදසුනකි. එසේම සිංහල ජන ගී සම්ප‍්‍රදායේ ආභාෂය ලැබූ බවට තවත් බොහෝ නිදසුන් මහසමයම දෘශ්‍ය කාව්‍ය තුළදී පෙන්වා දිය හැකිය. ඒ අතර මහසොහොන් සමයමේ ඇත් බන්දනයෙහි ඇතා සොයන්නට ගිය යකැදුරන්ට හමුවන ඇතාගේ ලක්‍ෂණ කාන්තාවකට ආරූඪ කිරීම කරන ආකාරයද උකුසා වන්නමේ නාද මාලාව මතුවන ආකාරයද නිර්මාණාත්මකය.

මූණ බැලිමි සපු දුනුකේ මලක් වැනි                        
අත් දෙක බැලිමි රන් ඇත් දළ දෙකක් වැනි
බද පිට බැලිමි රඹ තොරණක රුසිරු වැනි
මෙවැනි ළදුන් යක්ලොව කොහිද මිනිසුනී

මසමයමේ මුල සිට වරින් වර මතුව ඇසෙන තේමාවක් තිබේ.එය පහතරට මහසොහොන් සමයමෙහි මහ සමයම් පද නැටීමේ දී වැයෙන පහතරට බෙර වාදනයයි.

රෙගත/ගතකු/ගු`දග/තගත
ගහිතිගතම්/දෙගත/ගු`දග/ත ගුම්

තවද මහ සමයමේ සංගීතය නව ආරකින් නිර්මාණය වී ඇත. එහි ශාන්තිකර්ම කවි, සීගිරි ගී නාද රටා ඇතුලු බොහෝ සාම්ප‍්‍රදායික නාද රටා යොදාගෙන ඇත. ත‍්‍රාසය භීතිය සෘංගාරය ආදී රසයන් ජනිත වන ලෙස සංගීතය හැසිරවීමද විශේෂත්වයකි.

එසේම මහසමයම දේශීය සංගීතය සමග පමණක් බද්ධ වූවක්ම නොවේ. බටහිර සංගීතයෙන්ද එය හැඩ වූයේ ඔපෙරාවක් බවට පත් වෙමිනි.ලෝක නාට්‍ය කලාවේ ඉහලින්ම සිටින බටහිර ඔපෙරාව මහසමයම තුළින් අප දේශීය සංස්කෘතික සංගීතය සමග මුසු විය. ඔපෙරා නාටය ලක්ෂණ පෙන්නුම් කරමින් බටහිර සංගීතයේදී යොදා ගන්නා ගායන විලාශ,කටහඬ පාලනය කිරීම්,ධ්වනි ශබ්ද මහසමයම පුරා මධුර වූ සංගීතයන් සපයයි.ඉන්දිකා උපමාලිගේ ප‍්‍රබල හඩ පෞර්ෂය මහසමයම දෘශ්‍ය කාව්‍යට එක්කර ඇත්තේ ආකරෂණීයත්වයකි.මෙම ඔපෙරා යන්න බටහිර සංස්කෘතියේ ආභාෂයක් එසේම මහාචාර්ය සරත්චද්‍රයන්ගේ ඔපෙරාවක් නොවූ සිංහබා නාටකයේ සිංහයා සිංහබා කියන්නේ ඔපෙරාවේ හඩින් නමුදු සිංහබා නාටකයට එසේ ඔපෙරා හඩ පිවිසියද මහසමයම ඔපෙරාවෙන් දේශීය ආරකට සැකසෙන්නේ බටහිර සංස්කෘතික කලාංගයන්ගේ ආභාෂයෙනි.

පේ‍්‍රමසිරි ඛේමදාස ගාන්ධර්වයාගේ අඩුව නොදනවමින් විශාරද සමන්ත පෙරේරාගේ සංගීත කණ්ඩයන් විශිෂ්ඨ වූත්,කර්ණරසායන වූත් ස්වභාවයක් ගනී නිරන්තරයෙන්ම මහ සමයමේ රංග වින්‍යාසය සමඟ බැඳුනු වාද්‍ය වෘන්දය බටහිර සංගීතයේ සංධ්වනි / සිම්ෆනි ශෛලිය ගනී.එම සමුහ වාදනයෙන් (ඔකෙස්ට්‍රාවෙන්) වැයෙන නානාවිධ සංගීත ඛණ්ඩ නාට්‍ය රස භාව මූර්තිමත් කරයි.

මේ අයුරින් දේශීය විදේශීය සංගීත ආභාෂයන්ගෙන් දේශීය ආරක් ගනිමින් මහසමයමේ සංගීතය නිර්මාණය වී ඇති අතර එය දේශීය මෙන්ම විදේශිය සංස්කෘතික ආභාෂය ලබා ඇති බව පැහැදිළිය.

-ශෂිනි ශ්‍යාමනී-

යමුනා මාලිනියගේ මිහිරිතම ගී පොතින්......

kln.ac.lkසිය සාහිත්‍යයමය කියවීම් වලින් ලද ආස්වාදය දෝරෙ ගලා ගිය අනගි අවස්ථාවක් ලෙස ගජමන් නෝනා ගීත නිර්මාණය දැක්විය හැකි බව යමුනා මාලිනිය පවසයි.ඇළපාත මුදලි හා ගජමන් නෝනා පිළිබඳ සමාජ මතිමතාන්තර ඔස්සේ දස්වකීය පිරිකල්පනය මෙහෙයවමින් ගීතයට නිමිත්ත ලැබුවාය.

දුර ඈත වුවද ගතිනා
ළඟ පාත නොවෙද සිතිනා
ඇළපාත මුදලි මං
මදහාස නඟන්  ගජමන් නෝනා......

පුන්සඳ ලෙද කලූවර යහනේ
පුන්සිසි වත කඳුලින් තෙමුණේ
තහනම් ද සතුට ලඳුනේ....
මේ දුකද සැපයි
නුඹෙ හිතට කැපයි...
මදහාස නඟන් ගජමන් නෝනා.............

රන් රස සේ ගැළපෙන සේ මා
දුන් රස කවි රස කර බෝමා 
නොබැඳෙන්ද පෙමින් කෝමා
අමනාප කිමැයි
උදහාස කිමැයි
මදහාස නගන් ගජමන් නෝනා.....

මෙම ගීතයේ ඇති සුවිශේෂීත්වය වන්නේ පේ‍්‍රම කරමින් එකිනෙකා ආදරය ප‍්‍රකාශ කරන ගීත අතර ආදරය කළ ද , ආදරය ප‍්‍රකාශ කර ගත නොහැකි අවස්ථාවක අපූර්වත්වය  ඉන් ධ්වනිත වීමයි.ගජමන් නෝනා නැමති කිවිඳියට පෙම් බැඳි කවියෙක් වූ ඇළපාත මුදලි සිය ආදර අත්දැකීම ව්‍යංගාර්ථයෙන් ප‍්‍රකාශ කරන අවස්ථාවක් ලෙස යමුනා මාලිනිය මෙම ගීතය අර්ථකථනය කරයි.රෝහණ වීරසිංහයන් බෙංගාලි සංගීතය මුසු කරමින් තැනූ සංගීත රටාවන් කරුණාරත්ත දිවුල්ගනේගේ හඬින් සුගැයෙන නිසා ගීතයේ රසවත් බව තව තවත් උත්කෘෂ්ඨ වී තිබේ.ඔබත් අසන්න . රසවිඳින්න .
   - ශෂිනි ශ්‍යාමනී -



Saturday, June 20, 2015

සකි සඳ


           
              යන්තම් වත් ඔබ සමීපයට විත් 

              සොමි සඳ වන් රුව 

              දැක ගත හැකි නම්
                 
-ශෂිනි ශ්‍යාමනී -

Thursday, June 18, 2015

නුඹට ලියු කවි

kln.ac.lk

හරිම ආදරේ දැනුන
නුඹේ ඔය සිනා මුව
දැක ගන්න නොලැබුණත්
නොරැඳුනත් නෙත් මානෙ

හැර ගියත් මා දමා
දෛවයේ සරදමින්
මුළු හදින් හැමදාම
ලෙංගතුයි නුඹට මං

මගෙ හිතේ පොදි ගැසී
තිබුණු  ඒ සිහින මල්
පිබිදෙන්න කලියෙන්ම
ඇයි ගියේ නුඹ මගෙන්

යළිත් නුඹ පිපෙනවද
ලස්සනම වසන්තය
නෙතු අතර රන්දමින්
සරසන්න ජීවිතය

-ශෂිනි ශ්‍යාමනී-

මිතුදම් මනරම්


      නුවන් මිණිකැට සෙමෙන් විවරව

     පෙර ඇසුර මතකෙට නැගේවා

     විමන් මැද මැව් මිහිරි සිතුවිලි 

     දහස් ගණනින් ඉදිකෙරේවා

     එකට එක්වි ගෙවු කාලය

     යළි යළිත් සිහියට නැගේවා

     නෙතින් ඈතට ගියත් කිසිදා

     මතකයෙන් ඈතට නොයේවා


                                             - ශෂිනි ශ්‍යාමනී -

Tuesday, June 16, 2015

නුඹට ලියු කවි

 
           
yrsu wdof¾ oekqk
kqfò Th iskd uqj
oel .kak fkd,enqK;a
fkd/÷k;a fk;a udfk

yer .sh;a ud oud
ffojfha iroñka
uq¿ yoska yeuodu
f,x.;=hs kqUg ux

uf. ysf;a fmdos .eiS
;snqKq ta isysk u,a
msìfokak l,sfhkau
wehs .sfha kqU uf.ka

h<s;a kqU msfmkjo
,iaiku jika;h
fk;= w;r rkaoñka
irikak cSú;h

-YIsks YHdukS-